අරගලකරුවන්ගේ පෙත්සම් දෙකක් අධිකරණය ඉවත දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

අරගලකරුවන්ගේ පෙත්සම් දෙකක් අධිකරණය ඉවත දමයි

අරගලකරුවන්ගේ පෙත්සම් දෙකක් අධිකරණය ඉවත දමයි

අරගලකරුවන් 10 දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

 

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල ඉකුත් වසරේ මැයි මස 04 වනදා උද්ඝෝෂණයක නිරත වී සිටි තමන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

 

අසත්‍ය සහ නොමඟ යව සුළු කරුණු පදනම් කරගනිමින් මෙම පෙත්සම් ගොනු කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ලබා දුනි. මෙම තීන්දුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදී තිබේ.

views

229 Views

Comments

arrow-up