ජා ඇල දී පොලිස් නිලධාරියෙකුට පහර දී පලා ගිය කාන්තාව අවසානයේ හසු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ජා ඇල දී පොලිස් නිලධාරියෙකුට පහර දී පලා ගිය කාන්තාව අවසානයේ හසු වෙයි

ජා ඇල දී පොලිස් නිලධාරියෙකුට පහර දී පලා ගිය කාන්තාව අවසානයේ හසු වෙයි

ජා ඇල නගර මධ්‍යයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පහර දී පලා ගොස් සැඟව සිටි සැකකාර කාන්තාව 21 දින අත් අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී. අපරාධ නිවාරණ විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක නිලධාරියකු හට ඉකුත් 15 දින මෙම කාන්තාව පහරදී තිබේ.

 

විශේෂ මෙහෙයුමේ දී පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ව ත්‍රී රෝද රථයකින් ජා ඇල පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටි නිලධාරීන් පිරිසකට හිස් වැසුම් නොමැතිව යතුරු පැදියක් හිටගෙන ධාවනය කරන කාන්තාවක් නිරීක්ෂණය වී ඇත.  එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් යතුරු පැදිය නවතා කාන්තාව පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී අදාල කාන්තාව පොලිස් නිලධාරියකුට පහර දී යතුරු පැදිය එම ස්ථානයේ දමා පලා ගොස් තිබේ.

 

යතුරු පැදියේ අංකය ඔස්සේ කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම කාන්තාව ජා ඇල බන්ඩිගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව යි.එහෙත් ඇය එම නිවසෙන් පැන ගොස් ඇති අතර ඉකුත් 21 වන දින ඇයව අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් ව තිබේ.

views

214 Views

Comments

arrow-up