අනවසරයෙන් අධිවේගයේ මගීන් ඇද්ද බස් රථ හතරක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

අනවසරයෙන් අධිවේගයේ මගීන් ඇද්ද බස් රථ හතරක් දැලේ

අනවසරයෙන් අධිවේගයේ මගීන් ඇද්ද බස් රථ හතරක් දැලේ

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලිසිය විසින් කොට්ටාව අධිවේගී පිවිසුම අසල අද (3)  උදෑසන සිදුකළ විශේෂ වැටලීමකදී සාමාන්‍ය මාර්ගයේ මඟීන් ප්‍රවාහනය කරන බස් රථ 4 ක් මගින් අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කරමින් සිටියදී හසුවී තිබේ.

 

ඔවුන්ගේ බලපත්‍ර අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන ඇත. 

 

එමෙන්ම මෙම බස් රථ වල සාමාන්‍ය මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වල මෙන් මඟීන් සිටගෙන ගමන් කර ඇති බවත්, අධිවේගී මාර්ගය තුළ ගමන් ගන්නා බස් රථ තුළ අසුන් ප්‍රමාණයට පමණක් මඟීන් සිටිය යුතු බවත්, සිටගෙන ගමන් කළ නොහැකි බවත් පොලිසිය පැහැදිළි කර සිටියි.

 

එමෙන්ම වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ මෙම බස් රථ කාර්යාල ප්‍රවාහන සේවා ලෙස සාමාන්‍ය මගී ප්‍රවාහනයේ යෙදෙමින් තිබී ඇති බවයි. 

 

මෙම බස් රථ වලට විරුද්ධව අධිකරණය විසින් නීති ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව තවදුරටත් වාර්තා වේ.

views

212 Views

Comments

arrow-up