බිරිඳට දරුණු ලිංගික හිංසන සිදු කළ පාදුක්කේ නරුම සැමියෙකු සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

බිරිඳට දරුණු ලිංගික හිංසන සිදු කළ පාදුක්කේ නරුම සැමියෙකු සොයා පරීක්ෂණ

බිරිඳට දරුණු ලිංගික හිංසන සිදු කළ පාදුක්කේ නරුම සැමියෙකු සොයා පරීක්ෂණ

සිය බිරිදට දරුණු ලිංගික හිංසන සිදු කල නරුම සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.

 

පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු මවක් සිදු කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

තම සැමියා තමාව නිරුවත් කොට දෑත් දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තම රහස් ප්‍රදේශයට ඇතුල් කරන බවත්, කූඩැල්ලන් හෝ පණුවන් ද රැගෙනවිත් තම ශරීරයට ඇතුළු කරන බවත්, එක් අවස්ථාවකදී මේ අයුරින්  ලී දණ්ඩක් ද සැමියා විසින් තම රහස් ප්‍රදේශයට ඇතුළත් කළ බවත් ඇය වැඩිදුරටත් පවසයි.

 

මෙම අමානුෂික වද හිංසා 11 හැවිරිදි දියණිය ඉදිරිපිට දී සිදුවීම හේතුවෙන් දියණිය ද දැඩි අපහසුතාවයට පත් ව සිටින බවත් තමන්ට මාස හතරක අත දරුවකු ද සිටින බවත් කාන්තාව පවසා තිබේ.

 

කාන්තාව ප්‍රතිකාර සදහා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබා ඇය අනුරාධපුරයේ තම දෙමව්පියන්ගේ නිවසට ගොස් ඇති තිබේ. එම කාන්තාවට ගම් ප්‍රදේශයට යාමට පාදුක්ක පොලිසියේ සේවයේ නිරත පොලිස් නිළධාරීන් එක්ව මුදල් එකතු කර ඇයට ලබා දීමට ද කටයුතු කළ ඇති බව වාර්තා වේ. 

 

සැකකාර සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පාදුක්ක පොලිසිය සඳහන් කරයි.

views

320 Views

Comments

arrow-up