හිඟව පැවති ඖෂධ වර්ග වලින් 81ක් ලැබී ඇතැයි ඇමැති කෙහෙළිය කියයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට උපරිම සහයෝගය ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇති බවයි.
මෙතෙක් රට තුළ හිඟයක්ව පැවති ඖෂධ 151 න් 81 ක් මේ වන විටත් සපයා ගැනීමට හැකි වී ඇති බව ඔහු කියා සිටියේය. මේ අතර පළාත් පාලන ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් කැබිනට් විවාදයේ දෙවන දිනය මේ වන විට පැවැත්වේ.
ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ තරගයකින් තොරව ම පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධුරයට පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර ඇති බවයි.
217 Views
Comments