17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම ප්‍රදේශයේ කුඩම්මාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම ප්‍රදේශයේ කුඩම්මාට වැඩ වරදී

17 හැවිරිදි  දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම ප්‍රදේශයේ කුඩම්මාට වැඩ වරදී

රාගම කුරුකුලාව ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකට සිය කුඩම්මා විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට අදාලව රාගම පොලිසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

 

පහරකෑමට ලක්වූ දැරිය පොලිස් නිලධාරිනියකගේ අධික්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර දැරියගේ පියා විදේශගතව සිටින බව වාර්තා වේ. දැරිය ජීවත් වන්නේ සිය කුඩම්මා සමග බවට අනාවරණය වී තිබේ.

 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝවෙන් පසුව දැරියට පහරදෙන කාන්තාව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති බව වාර්තා වේ.

 

පොලිසිය ප්‍රකාශ කළේ, මෙම දැරිය ශාරීරික හෝ මානසික පීඩාවකට ලක්ව ඇත් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

views

244 Views

Comments

arrow-up