ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ දී වරෙන්තු නිකුත් කර තිබේ.

 

අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත්තේ, කූට ලේඛන සකස් කර ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ රුපියල් 21,56200 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අද (03) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම යන චෝදනාව මතයි.

 

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ඔහුගේ ඇපකරුවන්ට සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය. 2018 සිට 2020 දක්වා කාලය තුළ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන්  ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා මුදල් වංචා කර ඇති බවට 2021 වසරේ ඔක්තෝබර් 26 වැනිදා ගාල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණේ ගාල්ල මහින්ද විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිවරයා විසිනි.

views

244 Views

Comments

arrow-up