වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගැනුනු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිස, අන්තරයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 ක් ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත.
මෙම සැකකරුවන් පිරිස මීට සුළු මොහොතකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
තලංගම පොලිසිය මඟින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.
මේ අතර භික්ෂූන් වහන්සේලා 48 නමක් සිටින බව සදහන්ය.
මෙම සැකකරුවන් ඉදිරිපත් කරන අවස්ථාවේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.
229 Views
Comments