FEB
17
අධිකව දුම් පිටවන වාහන ගැන දැනුවත් කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

අධිකව දුම් පිටවන මෝටර් රථයක් දුටුවහොත් එම අවස්ථාවේදී ම දැනුම් දෙන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
070-3500 525 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
එසේම, එවැනි මෝටර් රථවල අංක තහඩුව ඡායාරූපයට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර වට්සැප් හෝ වයිබර් පණිවුඩයක් යොමු කිරීමෙන් ද දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකියි.
188 Views
Comments