FEB
17
චීන ණය ආධාර යටතේ ගොවීන්ට ඉන්ධන

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ, චීන ආධාර යටතේ ලබා දුන් ඉන්ධන තොගය මෙවර මහ කන්නයේ වගා කළ ගොවීන්ට අද (17) බෙදා දීම ආරම්භ වන බවයි.
එහි පළමු තොගය අද හම්බන්තොට වරායේදී චීන තනාපතිවරයා විසින් ගොවීන්ට ලබා දී තිබේ. මේ යටතේ ගොවින්ට නොමිලේ හෙක්ටයාරයක් සඳහා ඉන්ධන ලීටර් 15 ක් ලබා දෙනු ඇත. මෙරටට ප්‍රදානයක් ලෙස චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් ලබා දුන් අතර ඉන් කොටසක් ධීවර ජනතාව වෙනුවෙන් වෙන් කෙරිණ.
194 Views
Comments