මාර්තු පළමුවැනිදා වැඩ වැරුමට විදුලිබල මණ්ඩලයත් එක් වෙයි

එලඹෙන මාර්තු පළමු වැනිදා ඒකාබද්ධ වෘත්තීය සමිති දැවැන්ත වර්ජනයට සමගාමීව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ඇතුළු සමස්ත සේවකයින් සිය සේවා වලින් ඉවත් වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කොට තිබේ.
ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්ත "ආයුබෝ" වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
නමුත් රෝහල්, ජල සම්පාදන ඇතුළු අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා ගෙන යන බවද ඔහු මෙහිදී පැවසීය.
ඒ සදහා සීමිත බිඳ වැටීම් කණ්ඩායම් කිහිපයක් පමණක් යොදවන බවත් ඔහු කියා සිටියේය.
එසේම මෙම වැඩ වර්ජනයෙන් අඛණ්ඩ විදුලිබල සැපයීමට බාධාවක් නොකරන බවත් ඔහු සදහන් කළේය.
230 Views
Comments