වාහන සොරුන් ගැන සැලකිලිමත් වන ලෙස පොලිසියෙන් නිවේදනයක්

පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ, සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි. ඒ රට තුළ මෝටර් රථ සොරකම් කිරීම් විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හේතුවෙනි. වැලිවේරිය ප්‍රදේශයෙන් ආසන්නම සිදුවීම වාර්තා වී තිබේ. රුපියල් ලක්ෂ 32 ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකල පොලිස් නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු එම වාහනය රුපියල් ලක්ෂ 14 කට මිලදී ගෙන ඇති අතර ඔහු 47 හැවිරිදි ආඬිඅම්බලම ප්‍රදේශයේ පුද්ගලයෙකි. වාහනය සොරකම් කළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වයි.
205 Views
Comments