"මාව යවන්න ලේසි නෑ" ජනක රත්නායක කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

"මාව යවන්න ලේසි නෑ" ජනක රත්නායක කියයි

"මාව යවන්න ලේසි නෑ" ජනක රත්නායක කියයි

තමා ධූරයෙන් ඉවත් නොවන බවත් තමාව ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍ය බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක "ආයුබෝ" වෙත පැවසීය.

 

ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ සිටින අතර එරට සිට විශේෂ මාධ්‍ය හමුවක්ද Zoom ඔස්සේ ඊයේ දින පවත්වා තිබේ. එහිදී ඔහු පැවසුවේ පනතේ විධිවිධාන වලට අනුව පාර්ලිමේන්තුවේ 113 ක් ගෙන තමාව ඉවත් කළ යුතු බවත් මෙවැනි ක්‍රියාපටිපාටියකින් ඉවත් කිරීමට හැකි ලංකාවේ එකම නිළධාරියා තමා බවත්ය.

 

එසේම තමා අනුමත නොකළ යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරටට පැමිණ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

 

මේවන විට  කොල්ලුපිටිය මයිකල් මාවතේ පිහිටා ඇති මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලේ 6 වන මහලේ පිහිටි ඔහුගේ නිල කාර්යාලයද පොලිසිය විසින් මුද්‍රා තබා ඇත.

 

ඔහු රාජකාරී කටයුතු සිදු කරන මෙම නිල කාර්යාලය කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ  මෙලෙස මුද්‍රා තැබීය.

 

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබුණි. 

 

ඒ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරවය.

views

247 Views

Comments

arrow-up