විදෙස් කටයුතු අමාත්‍ය අලි සබ්‍රි බිම්ස්ටෙක් සමුළුව අමතයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

විදෙස් කටයුතු අමාත්‍ය අලි සබ්‍රි බිම්ස්ටෙක් සමුළුව අමතයි

විදෙස් කටයුතු අමාත්‍ය අලි සබ්‍රි බිම්ස්ටෙක් සමුළුව අමතයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා, බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (බිම්ස්ටෙක්) සමුළුව අමතා තිබෙන අතර එහිදී අමාත්‍යවරුන් අමතමින් සබ්‍රි මහතා අවධාරණය කර ඇත්තේ, ගෝලීය ආර්ථික වර්ධන ගමන් මාර්ගය ආසියාව දෙසට යොමුව ඇති බැවින් ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා බිම්ස්ටෙක් රටවල වෙළෙඳ හා ආයෝජන සංරචකය යළි පුබුදුවාලිය යුතු බවයි.

 

වෙළෙඳ හා ආයෝජන ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් පෞද්ගලික අංශ ජාලයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන මෙවලමක් ලෙස බිම්ස්ටෙක් සංවිධානය පෙරමුණ ගත යුතු බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

 

විදේශ අමාත්‍යවරයා විසින් අන්තර් කලාපීය ආයෝජන දිරි ගන්වන අන්තර්ජාතික ව්‍යාපාරික ආයතන ජාලයක් ගොඩ නැගීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ද අවධාරණය කළ කරුණු වල සඳහන් වේ.

views

207 Views

Comments

arrow-up