ලබන සතියේ ඇරඹෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් එක් වේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊයේ (09) ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වන අතර ලබන 15 වනදා වෘත්තීය සමිති රැසක් එක්ව ආරම්භ කිරීමට නියමිත වර්ජනයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද සහාය දක්වා තිබේ.
මේ අතර ශිෂ්‍ය මර්දනය, ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී ඊයේ (09) විරෝධතාවක් පැවැත්විණි. සබරගමු විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් ද ඊයේ (09) විරෝධතාවයක නිරත වී ඇත්තේ විශ්ව විද්‍යාලයෙහි සමාන්තර සායනික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ය.
එමෙන්ම පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සරසවියේ නාන කාමරයක් තුළ ඇද වැටී සිටියදී මියගිය එහි ආරක්ෂක නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය පොලිස් මෘත ශරීරාගාරයේ දී සිදු කිරීමෙන් පසු දේහය බිරිඳට භාරදීමට නියමිතය.
260 Views
Comments