දුම්රිය වැසිකිළියේ දරුවෙකු දමා ගිය යුවලට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

දුම්රිය වැසිකිළියේ දරුවෙකු දමා ගිය යුවලට ඇප

දුම්රිය වැසිකිළියේ දරුවෙකු දමා ගිය යුවලට ඇප

මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.

 

ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට දරුවාගේ දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.

 

දරුවාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙසට සැකකාර මව්පිය යුවළගේ දෙමාපියන් වෙතද අධිකරණය නියෝගයක් නිකුත් කළ අතර, බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් දරුවා නැවත එම මවුපියන් වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ.
 

views

253 Views

Comments

arrow-up