කොළඹ ඇතුළු ප්‍රධාන නගර හතක වායු දූෂණය ඉහළට

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර හතක වායු දූෂණ තත්ත්වය අතිශයින් අහිතකර ලෙස ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කර සිටී.
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව දර්ශකයට (US AQI) අනුව කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණය (PM 2.5) ප්‍රමාණය 142 ක් දක්වා ඊයේ පෙරවරු 9.00 වන විටදී ඉහළ ගොස් තිබූ අතර, ඊයේ පෙරවරුවේදී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලය අඳුරු ස්වභාවයක පවතිමින් දවස පුරා දැඩි උණුසුම් කාලගුණ තත්වයක් ද පැවති බව සඳහන් වේ.
එසේම, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, පුත්තලම සහ බදුල්ල යන නගරවල ද වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණයන් ඊයේ දිනයේ ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා හෙළි කොට තිබේ.
238 Views
Comments