හරක් කටා සහ කුඩු සලිඳු බලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විශේෂ අමුත්තා

මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් කුඩු සලිඳු සහ වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා සම්බන්ධයෙන් මෝසමක් මගින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඔවුන් පිළිබඳ නිරීක්ෂණයක යෙදුණු බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බී වාර්තාවක් ගොනු කරමින් ඔවුන් පිළිබඳ අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්නකිරීම් සිදුවෙමින් පවතින බව ද වාර්තා වේ.
274 Views
Comments