වර්ජන හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

වර්ජන හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම අර්බුදයක

වර්ජන හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම අර්බුදයක

වර්ජනයේ නිරත සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති ලේකම්වරයා අතර අද (17) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වේ.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, වර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් අද වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම බිඳ වැටී ඇති බවයි. එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් බැහැරව ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට සතියක කාලයක් සපිරෙයි.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ජනාධිපති ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව වාර්තා වේ.

views

242 Views

Comments

arrow-up