රන්ටැඹේ ශිෂ්‍යභට කඳවුරේදී සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයා සොයයි

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන තූර්යවාදන පුහුණුවක් සඳහා පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අලුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයෙකු එම සිසුවියගේ සිරුර අතගා පලා ගොස් තිබෙන බව වාර්තා වේ.
එම අවස්ථාවේ සිසුවිය අවදිවී කෑගැසීම නිසා එම පුද්ගලයා පලා ගොස් ඇති බව හසලක පොලිස් ආරංචි මාර්ග පවසයි.
නිදාගෙන සිටි ඇඳ අසලට පැමිණි එම පුද්ගලයා තමාගේ එක් කකුලක් අතගෑ අවස්ථාවේ අවදි වී කෑගැසූ බවත්, එයින් කලබලයට පත් වූ එම පුද්ගලයා කොරිඩෝව දිගේ දිව ගිය බවත්, එම පුද්ගලයා කැලෑ ඇඳුමක් ඇඳ සිටි බවත් එම සිසුවිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම තවත් පාසල් සිසුවියක් තමා නිදා සිටි ඇඳ අසල පිරිමි පුද්ගලයෙකු සිටිනවා දැක අවතාරයක් යැයි සිතා බියට පත්ව බෙඩ් ශීට් එක පාදාන්තයේ සිට හිස දක්වා පොරවාගත් බවත් පොලිසියට පවසා තිබේ.
මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන සිසුවියන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාල දෙකක ඉගෙනුම ලබන සිසුවියන් බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිසුවියන් දෙදෙනාට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර පලාගිය පුද්ගලයා සොයා හසලක පොලිසිය පුළුල් පරීක්ෂණ අරම්භ කර තිබේ.
267 Views
Comments