එළඹෙන උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියෙන් විශේෂ වැටලීම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියෙන් විශේෂ වැටලීම්

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියෙන් විශේෂ වැටලීම්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන තොග අලෙවිසැල් ගබඩා පරීක්ෂා කිරීම මෙන්ම සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීම ද සිදුකරන බව එම අධිකාරිය සඳහන් කර සිටී.

 

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් ආරම්භ කිරීමට නියමිත අතර ජංගම වෙළෙඳුන් සහ සේල් පැවැත්වෙන ස්ථාන අධීක්ෂණය කිරීම සඳහා ද නිලධාරීන් යොදවා ඇති බව සඳහන් වේ.

 

උත්සව සමයේදී, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික අධිකාරිය සදහන් කර සිටී.

views

225 Views

Comments

arrow-up