මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්ටත් සභාපති තනතුරක්

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පත්කර තිබෙන බව වාර්තා වේ.
සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කළ යෝජනාවක් අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න ගේ ස්ථිරත්වයෙන් මෙම පත් කිරීම සිදු කළ බවයි.
මේ අතර, අධ්‍යාපනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සතු ක්ෂේත්‍රය පුළුල් බැවින්, තවත් අනුකාරක සභා දෙකක් පත්කිරීමටද පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.
උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අනුකාරක සභාව එක් අනුකාරක සභාවක් වන අතර කුසලතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණු අනුකාරක සභාව අනෙක් කාරක සභාව බව පාර්ලිමේන්තුව සන්වේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
220 Views
Comments