රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා පත් කර ඇති අතර, මාර්තු 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක සඳහන් වේ.

 

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළ නීල් බණ්ඩාර හපුහින්න මහතා එම ධූරයෙන් ඉවත් කර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ධූරය සඳහා අනියුක්ත කරනු ලැබිය.

 

පළාත් පාලන මැතිවරණයට අදාලව ඇප මුදල් භාර නොගන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාව සිටියදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලබා දුන් නියෝගයක් හේතුවෙන් ඔහු පිළිබඳ දැඩි කතාබහක් ඇති වූ අතර පසුව ඒ් සම්බන්ධව කරුණු විමසීමට නීල් බණ්ඩාර හපුහින්න මහතාව මැතිවරණ කොමිසමටද කැඳවනු ලැබීය.

views

372 Views

Comments

arrow-up