ඉන්දියාවේ සිට හොරෙන් ගෙනා කහ සහ උඳු තොගයක් රේගු දැලේ

ඉන්දියාවේ සිට කඩල බව ප්‍රකාශ කරමින් මෙරටට ආනයනය කළ බහාලුම් දෙකක් පරික්ෂා කිරීමේදී ආනයනයට තහනම් වු වියළි කහ සහ කහ කුඩු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ පිටකොටුවේ ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්ෂණ අංශය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කඩල කිලෝ ග්‍රෑම් 42600 ක් එම බහාලුම් තුළ පවතින බවට රේගුවට ප්‍රකාශ කර තිබුණ ද, සැබැවින්ම එහි අඩංගුව තිබී ඇත්තේ කඩල කිලෝ ග්‍රෑම් 5390 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.
රේගුවට ප්‍රකාශ නොකළ උඳු කිලෝ ග්‍රෑම් 19510 ක්, වියළි කහ කිලෝ ග්‍රෑම් 4500 ක් සහ කහ කුඩු කිලෝ ග්‍රෑම් 4900 ක් එම බහලුම තුළ තිබී සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 97 කට අධික බව ප්‍රකාශ කරන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා, ඊට අදාලව රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් ලක්ෂ 92 කට වැඩි බවට තක්සේරු කර ඇති බව සඳහන් කළේය.
ඒ අනුව එම භාණ්ඩ වල මුළු වටිනාකම මිලියන විස්සකට ආසන්න බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
269 Views
Comments