පලෙයි පොලිසියේ ස්ථානාධිපති සහ කොස්තාපල්වරයෙකු කේරළ ගංජා සමග දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

පලෙයි පොලිසියේ ස්ථානාධිපති සහ කොස්තාපල්වරයෙකු කේරළ ගංජා සමග දැලේ

පලෙයි පොලිසියේ ස්ථානාධිපති සහ කොස්තාපල්වරයෙකු කේරළ ගංජා සමග දැලේ

පෙරේදා (22) රාත්‍රියේ සිදු කළ විශේෂ වැටලීමක දී කේරළ ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත කිලිනොච්චිය, පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

පසුව ඔවුන් ඊයේ (23) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

මෙම පිරිස භාරයේ තිබී කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 250 ක් සොයාගෙන තිබෙන අතර, මෙම පොලිස් නිලධාරියා කේරළ ගංජා අලෙවි කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට කලක සිට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන් වේ.

views

264 Views

Comments

arrow-up