බූරු මූණා ගේ විදෙස් සම්බන්ධතා ගැන හෙළි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

බූරු මූණා ගේ විදෙස් සම්බන්ධතා ගැන හෙළි වේ

බූරු මූණා ගේ විදෙස් සම්බන්ධතා ගැන හෙළි වේ

දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන පාතාල වෙඩික්කරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා සමග, ඩුබායි හි රැඳී සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ හයදෙනෙකු සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඔවුන් විසින් විවිධ කටයුතු සඳහා බූරු මූණා මෙහෙයවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

විදෙස්ගත ජාවාරම්කරුවන් ප්‍රමාද වන මත්ද්‍රව්‍ය මුදල් ලබාගැනීම ඇතුළු විවිධ කටයුතු සඳහා පුද්ගලයන්ට තර්ජනය කිරීමට මෙන්ම බිය වැද්දවීම සඳහාද බුරු මූණාගේ සහාය ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

 

බුරු මූණා විදෙස් රටවල හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තවත් අපරාධ කල්ලි සමග සබඳතා පවත්වා ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

views

294 Views

Comments

arrow-up