බෝගොඩ ගම්මානයේදී දිය පහරකට හසු වී ගසාගෙන ගිය එක් දරුවෙකුගේ සිරුර හමු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

බෝගොඩ ගම්මානයේදී දිය පහරකට හසු වී ගසාගෙන ගිය එක් දරුවෙකුගේ සිරුර හමු වේ

බෝගොඩ ගම්මානයේදී දිය පහරකට හසු වී ගසාගෙන ගිය එක් දරුවෙකුගේ සිරුර හමු වේ

හාලිඇල බෝගොඩ ගම්මානයේදී දිය පහරකින් එගොඩබවෙමින් සිටියදී අතුරුදහන් වූ හත් හැවිරිදි දැරියගේ සිරුර සොයා ගෙන ඇති අතර 10 හැවිරිදි වියේ පසුවන ඇගේ සහෝදරයා ගේ සිරුර මේ දක්වා හමු වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටී.

 

සිද්ධියට මුහුණ දුන් දරුවන් බෝගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර දරුවන්ගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බව සඳහන් වේ.

 

කුලී වැඩට ගිය මව නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇය සොයා ගිය අවස්ථාවේදී දරුවන් මෙලෙස සැඩ පහරට හසුව ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටී.

 

ප්‍රදේශවාසීන්, පොලිසිය සහ යුද හමුදාව සමග එක්ව නාවික හමුදාව ද අතුරුදහන් වූ පිරිමි දරුවා සෙවීමේ කටයුතුවල නිරතව සිටී.

views

257 Views

Comments

arrow-up