විදුලි බිල අඩු කරන්න මහජන උපයෝගීතා කොමිසමෙන් යෝජනාවලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

විදුලි බිල අඩු කරන්න මහජන උපයෝගීතා කොමිසමෙන් යෝජනාවලියක්

විදුලි බිල අඩු කරන්න මහජන උපයෝගීතා කොමිසමෙන් යෝජනාවලියක්

මහජන උපයෝගීතා කොමිසම විසින් ඉන්ධන මිල අඩු කිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

 

ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මිල පහත යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම යන කරුණු සලකා මෙම ඉල්ලීම සිදු කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේය.

 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන මිල පහත දැමීම තුළින් විදුලි ගාස්තුව 20% කින් පමණ අඩු කළ හැකි බවයි.

views

263 Views

Comments

arrow-up