කෘෂිකර්ම නිලධාරීන්ගේ විදෙස්ගතවීම් සම්බන්ධ නීති දැඩි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

කෘෂිකර්ම නිලධාරීන්ගේ විදෙස්ගතවීම් සම්බන්ධ නීති දැඩි කෙරේ

කෘෂිකර්ම නිලධාරීන්ගේ විදෙස්ගතවීම් සම්බන්ධ නීති දැඩි කෙරේ

කෘෂිකර්ම අංශයේ සියළුම නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදෙස්ගතවීම් සඳහා අනුමැතිය ලබා නොදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.

 

 

මෙම තීරණයට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන නිලධාරීන් යටත් වන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

 

ක්ෂේත්‍රය තුළ කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක් සඳහා පුරප්පාඩු ඇති වී තිබෙන බැවින් මෙම කාල සීමාවේදී අත්දැකීම් සහිත නිලධාරීන් විදෙස්ගත වුවහොත් මෙරට කෘෂිකාර්මික අංශයේ කඩාවැටීමට එය හේතු වනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

views

246 Views

Comments

arrow-up