IMF එළවන්න වසන්ත මුදලිගේ ඇතුළු අන්තරය සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

IMF එළවන්න වසන්ත මුදලිගේ ඇතුළු අන්තරය සැරසෙයි

IMF එළවන්න වසන්ත මුදලිගේ ඇතුළු අන්තරය සැරසෙයි

පසුගිය වසරේ මාර්තු මස 30 වන දා රටේ ජනතාව පාරට බැස ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීම සඳහා අරගලය ඇරඹූ අයුරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටින් එලවා දැමීමට ද පෙළගැසිය යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටී.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ප්‍රාතිහාර්යක් නොව රටට ඇති ලොකුම හෙණයක් බව කියා සිටින ඔහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුව ලබාගන්නේ ණය මුදලක් බවත්, රටේ ණය අර්බුදයට ආණ්ඩුව විසින් යෝජනා කර ඇති උත්තරය ද ණය ගැනීම පමණක් බවත් පෙන්වා දෙයි.
 

views

258 Views

Comments

arrow-up