විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකුට පහරදී මුදල් කොල්ල කෑ අයෙක් අල්ලයි

විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකුට පහරදී, ඔහු සන්තකයේ තිබූ රුපියල් 100,400 ක මුදලක් කොල්ලකෑ සැකකරුවෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී වසර දෙකකට පසුව අඟුරුවාතොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මීට දින දෙකකට පෙර අඟුරුවාතොටදී සිදු වූ පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම සැකකරු හඳුනාගෙන ඇත.
මීට වසර දෙකකට පෙර විශේෂ කාර්ය බලකායේ සැරයන් වරයාට පහරදී ප්‍රදේශයෙන් පලාගොස් තිබූ මෙම පුද්ගලයා සහ පුද්ගල ඝාතනයේ සැකකරු යන දෙදෙනාම එකම නිවසක නැවතී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
216 Views
Comments