අධිකරණයට භාරවීමට යමින් සිටි බූරු මූණා අත්අඩංගුවට ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

අධිකරණයට භාරවීමට යමින් සිටි බූරු මූණා අත්අඩංගුවට ගනී

අධිකරණයට භාරවීමට යමින් සිටි බූරු මූණා අත්අඩංගුවට ගනී

රවිඳු සංඛ හෙවත් බූරු මූණා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට යමින් සිටියදී පොලිසිය විසින් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය කාලයේ සිදු වූ ඝාතන රැසකට අවශ්‍යව සිටි බව කියන මෙම සැකකරු නීතීඥවර‌යෙකු සමග අධිකරණයට භාරවීමට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට  ගෙන ඇත.

 

 

සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකරුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවත් තම සේවාදායකයාට ජීවත් වීමට අයිතියක් ඇති බවත් යන කරුණු මත මෙලෙස ඍජුවම අධිකරණයට භාරවීමට අදහස් කළ බවය. එහිදී මෙම කරුණු සැලකිල්ලට ගෙන සැකකරු වහාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ජනක සමරසිංහ මහතා නියෝග කර ඇත.

views

434 Views

Comments

arrow-up