අවුරුදු එකහමාරේ දියණියට වධ හිංසා දුන් නරුම පියාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

අවුරුදු එකහමාරේ දියණියට වධ හිංසා දුන් නරුම පියාට වැඩ වරදී

අවුරුදු එකහමාරේ දියණියට වධ හිංසා දුන් නරුම පියාට වැඩ වරදී

අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කල  තිස් හැවිරිදි තිදරු පියකු පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ තම නිවසට අවුරුදු එක හමාරක දියණිය ගෙන්වා කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඩබ්ලිව්. උපුල් බොලුකඳුර මහතා අප කළ විමසීමකදී සඳහන් කරයි.

 

සැකකරු නිත්‍යානුකූල විවාහයක් කරගෙන තිබෙන බව ද සඳහන් වේ.

 

දියණියට කෲර ලෙස වධ හිංසා කරන වීඩියෝ, මෙම පුද්ගලයා විසින් විදේශ ගත සිටින අනියම් බිරිඳට යොමු කර ඇති අතර එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් වේයන්ගොඩ සිටින මවට යොමු කර ඒ පිළිබඳ වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කරන ලෙසට මව විසින් දැන්වීමෙන් අනතුරුව දියණියගේ ආච්චි විසින් එම සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

230 Views

Comments

arrow-up