ධීවර සංස්ථාවේ මෙගා ස්ටෝස් නවතම ශාඛාව බොරලැස්ගමුවේ දී විවෘත වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ධීවර සංස්ථාවේ මෙගා ස්ටෝස් නවතම ශාඛාව බොරලැස්ගමුවේ දී විවෘත වේ

 ධීවර සංස්ථාවේ මෙගා ස්ටෝස් නවතම  ශාඛාව බොරලැස්ගමුවේ දී විවෘත වේ

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින් ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින මෙගා ස්ටෝස් (Mega Store) නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව 2023 මාර්තු මස 2 වන දින බොරලැස්ගමුවේ දී විවෘත කෙරුණි.

 

එහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික අර්බුදය හමුවේ රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ අභියෝගය ජයගැන්ම  වෙනුවෙන් මහජනතාවට ලංකා ධීවර සංස්ථාව හරහා සහන මිලට මාළු ලබා දීමේ උත්සහයක නිරතවන බවයි.

 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, 

 

"නවීන වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින්, පවතින වෙළඳසැල් ජාලය නවීකරණය කිරීමෙන් ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ශක්තිමත් ආයතනයක් බවට පත්කිරීම තමයි අපේ අරමුණ. මාළු අළවි කරනවා වගේම, මත්ස්‍ය මිල පාලනය කලහැකි, ධීවරයන්ට වගකියන ආයතනයක් බවට ධීවර සංස්ථාව පත්වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මම පසුබට වෙන්නේ නෑ" යනුවෙනි.

 

ලංකා ධීවර සංස්ථාව කියා සිටියේ,  ලංකා ධීවර සංස්ථාව විසින් ස්ථාපිත කරන ලද මෙම නවීන වෙළඳසැල හරහා, පරිභෝජනයට සුදුසු ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව  කරවල, උම්බලකඩ ඇතුළු තවත් මත්ස්‍ය නිශ්පාදන ද මිලදී ගැනීමට ලංකා ධීවර සංස්ථාව පාරිභෝගිකයනට අවකාශ උදාකර දී තිබේ. ඒ අනුව මේ වන විටත් රට පුරා බොහෝ නගරවල ස්ථාපිත කර ඇති "මෙගා ස්ටෝස්" අලෙවිසැල් ජාලය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් ය.


 
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, බොරලැස්ගමුව නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා, බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුමේද විමලරත්න මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටීයහ.

views

247 Views

Comments

arrow-up