අමානුෂික කාන්තා ඝාතනයක සුල මුල මාස හතකට පසු අනාවරණය වේ

නිවසක් තුළ තනිව සිටි පොඩි නෝනා නම් කාන්තාවක් පසුගිය වසරේ ජුලි 24 වනදා ඝාතනය කර තිබුණි. අදාල කාන්තාව 58 හැවිරිදි වියේ පසු වූ අතර වෙලම්බඩ වටප්පල 'කලා' ප්‍රදේශයේ පදිංචි වී සිටියාය.
සිව්දරු මවක් වූ ඇයගේ ගෙල කපා ඝාතනය කර තිබු අතර ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි. චන්ද්‍ර කුමාර් හෙවත් 'සුරේෂ්' සහ 'කිට්ටා' යන නම්වලින් හැඳින්වෙන එක් සැකකරුවෙක් අදාල ඝාතනය ගැන පොලිසියට පාපෝච්චාරණය කර තිබුණි. ඔහු පවසා ඇත්තේ, "ළමයගේ කොටහළු මඟුලට සල්ලි ඕන නිසයි කොල්ලකන්න ගියේ. දඟලපු නිසා බෙල්ල කපන්න වුණා." යනුවෙනි.
එදින දිවා කාලයේදී නිවසක් කුලී පදනම මත ලබාගැනීමට හැකිදැයි විමසා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබූ බව අදාල ඝාතනය පිළිබඳ විමර්ශන සිදුකළ පොලිසියට අනාවරණය වී තිබුණි. ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
220 Views
Comments