කර්මාන්ත ශාලාවක අනතුරකින් දෙදරු පියෙක් මිය යයි

ඊයේ (17) සවස පානදුර මොරවින්න කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දී සූර්ය බලය ලබාගැනීම සඳහා භාවිත කරන සූර්ය පැනල සහිත අධික බරින් යුත් පෙට්ටියකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. කර්මාන්ත ශාලාවකට සවිකිරීම සඳහා කන්ටේනර් රථයකින් මෙලෙස සූර්ය පැනල් සහිත පෙට්ටි තොගයක් රැගෙනවිත් තිබෙන අතර ඒවා ඉන් පිටතට ගැනීමේදී පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මිය ගිය පුද්ගලයා කර්මාන්ත ශාලාවේ සේවය කළ අයෙකි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ මරණකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ 38 හැවිරිදි මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි රොෂාන් නමැති දෙදරු පියෙකි.
204 Views
Comments