පන්නෙයි මුහුදු සීමාවේ අබිරහස් මල සිරුරක් පාවෙයි

පන්නෙයි මුහුදු සීමාවේ මළ සිරුරක් පාවෙමින් තිබියදී ඊයේ ප්‍රදේශවාසීන් විසින් දැක, ඒ පිළිබඳව යාපනය පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
අනතුරුව යාපනය පොලීසිය පැමිණ මළ සිරුර ගොඩට ගෙන තිබේ.
ගොඩට ගන්නා ලද මෙම කාන්තා මළ සිරුර මේ වන විට යාපනය ශික්ෂණ රෝහල වෙතට ගෙන ගොස් ඇති අතර මේ වනතුරුත් කිසිවෙක් මෙම සිරුර භාර ගැනීමට පැමිණ නොමැති අතර කාන්තාව කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසා ඇත.
අදාළ කාන්තා මළ සිරුර මුහුදේ පාවීමට සහ ඇය මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතරම මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලෙහි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇතැයි ද පරීක්ෂණ සිදු කරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.
237 Views
Comments