ශ්‍රී ලංකාවේ තායිලන්ත සැණකෙළිය හෙට

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන "තායිලන්ත සති අන්ත වෙළඳපොළ සැණකෙලිය" එළඹෙන ඉරු දින, එනම් හෙට දින කොළඹ 07 සියාම් නිවසේදී (අංක 43, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මාවත, කොළඹ 07) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙම සැණකෙළිය පෙරවරු 10.00 සිට සවස 3.00 දක්වා පැවැත්වීමට නියමිත වේ.
තායිලන්ත සැණකෙළිය සඳහා ඇතුල්වීම නොමිලේ වන අතර, එහිදී තායිලන්ත අහාර පාන රසවිඳීම, තායිලන්ත ආහාර පාන සැකසීම, තායි බොක්සින්, තායිලන්ත නිශ්පාදන, තායි පොප් නර්තන හා සංගීත සංදර්ශනයක් ඇතුලු විනෝදාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව තානාපති කාර්යාලය පවසයි.
වැඩිදුර විස්තර 011-7529500 යන අංකය අමතා ලබා ගත හැකිය.
226 Views
Comments