මිනිස් ජාවාරමට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණයක්

විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරමින් නීති රීති දැඩි කිරීමට කාර්යාංශය මේවනවිට පියවර ගෙන ඇත.
ඒ විදේශ රැකියා මුවාවෙන් සිදු කරනු ලබන මිනිස් වෙළදාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණ ඇතිවයි.
කම්කරු හා විදේශ රැකියා ආමාත්‍යය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (01) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී තැනැත්තන් වේලදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ (NAHTTF) නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වු විශේෂ රැස්වීමක් පැවැත්විනි.
මෙහිදී මිනිස් වෙළදාම වැලැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ( Biometric) ඩිජිටල් කරන ක්‍රීයාවලියක් තුලින් දත්ත පද්ධතියක් තුළට ඇතුලත් කීරීමට තීරණය කරන ලදි .
1981 අංක 21 දරන විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත 1994 අංක 4 සහ 2009 අංක 56 දරන සංශෝධනය වලින් සමන්විත වන අතර අවස්ථානෝචිතව යාවත්කාලීන කිරීමට පියවර ගැනීම කාර්යාංශය විසින් කාලීනව සිදුකරනු ලබයි. ඒ අනුව සකස් කරන ලද නව සංශෝධනයන් මගින් තැනැත්තන් වේලදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ (NAHTTF) නීරීක්ෂණයන්ද සහිතව අදාළ නීති රීති දැඩි කිරීමටත්, ඒ අනුව නව සංශෝධනයන් සිදුකිරීමටත් යෝජනා සකස් කර ඇත.
කම්කරු අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර, අමාත්‍ය උපදේශිකා පද්මණී රත්නායක, අමාත්‍ය පුද්ගලික ලේකම් ශාන් යහම්පත් , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සභහපති සමින්ද ජයසේකර , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩි ඩී පී සේනානායක ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මේ සඳහා සහභාගී වී සිටියහ.
මෙම සියලු උත්සාහයන් විදේශ රැකියා සඳහා යොමුවන්නන්ගේ ආරක්ෂාව සහ සුබසාදනය වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවලක් වශයෙන් මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම කාලීන වශයෙන් වැදගත් වේ.
222 Views
Comments