ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවන්න ලෝක බැංකු ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවන්න ලෝක බැංකු ආධාර

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවන්න ලෝක බැංකු ආධාර

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව තාක්ෂණ හඳුන්වාදීමට ක්‍රියාත්මක කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතිය සඳහා වන ආධාර තවත් මාස 18 කින් දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

 

මේ බව තීරණය වී ඇත්තේ, පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ නායකයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ දීය.

 

මෙම ව්‍යාපෘතිය මේ වන විට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවින් එය අඛණ්ඩව කරගෙන යන ලෙස අමාත්‍යවරයා බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මේ වසරේ මැයි මාසයේ සිට තවත් මාස 18 ක කාලයක් මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට ඩොලර් මිලියන 30 ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිස එකඟ වී ඇති බව වාර්තා වේ.

views

359 Views

Comments

arrow-up