ලබන පාසල් වාරයේදී සමස්ත සිසුන්ගෙන් අඩකට දිවා ආහාර

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ 11 ක සංඛ්‍යාව ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත්, ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාර සැපයීමටත් සැලසුම් කර ඇති බවයි.
එසේම ජනවාරියේ පාසල් පෝෂණ වැඩසටහන වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 814 ක් ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, සහල් පරිප්පු මෙන්ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති අතර සතියේ දින පහේම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇති බවයි.
244 Views
Comments