ලී වැටකට සිර වී මාස හතක බිළිඳියක් මිය ගිය ඌව පරණගම ඛේදවාචකය

ඌව පරණගම, මස්පන්න, වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක ඇඳක සවිකර තිබූ ලී වැටක සිරවීමෙන් මාස හතක බිළිඳියක් මියගොස් ඇති බව වාර්තා වේ.
බිළිඳියගේ මව නිවසින් බැහැරට ගොස් සිටින අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති අතර, ඇය නිවසට පැමිණ බිළිඳිය පරික්ෂා කරන අවස්ථාවේදී ඇයගේ සිරුර ඇඳේ ලී වැටේ සිර වී ඇති අන්දම දැක ඇති බව ඌව පරණගම පොලිසිය ප්‍රකාශ කොට සිටී.
අනතුරුව බිළිඳිය කඩිනමින් වැවේගම රෝහලට රැගෙන ගොස් ඇති නමුත් ඇයව බේරා ගැනීමට හැකියාවක් ලැබී නැති බව සඳහන් වේ.
266 Views
Comments