අවුරුද්දට ජනතාවට ගමට යන්න බස් රථ 7000 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

අවුරුද්දට ජනතාවට ගමට යන්න බස් රථ 7000 ක්

අවුරුද්දට ජනතාවට ගමට යන්න බස් රථ 7000 ක්

අලුත් අවුරුදු සමයේ ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා තිබේ.

 

 

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ අප්‍රේල් 18 දක්වා පොදු ප්‍රවාහනය සඳහා විශේෂ විධිවිධාන සලසා ඇති බවයි.

 

 

කොළඹ සිට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථ 7,000 කින් සමන්විත ප්‍රවාහන සේවාවක් යොදා ඇති බවද ඔහු පැවසීය.

 

 

එසේම අවශ්‍ය වුවහොත් විශේෂ තත්ත්වයන් යටතේ තවත් පෞද්ගලික බස් රථ 300 ක් යෙදවීමට අමතර වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මිරැන්ඩා මහතා වැඩිදුරටත් පවසා ඇත.

views

285 Views

Comments

arrow-up