විද්‍යාපීඨ අවසන් විභාගයෙන් පුහුණු ගුරුවරුන් 350 කට වඩා අසමත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

විද්‍යාපීඨ අවසන් විභාගයෙන් පුහුණු ගුරුවරුන් 350 කට වඩා අසමත්

විද්‍යාපීඨ අවසන් විභාගයෙන් පුහුණු ගුරුවරුන් 350 කට වඩා අසමත්

2022 නොවැම්බර් 30 සීමාවාසී පුහුණුව අවසන් කර සිටින 2018 - 2020 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කණ්ඩායමේ පුහුණු ගුරුවරුන් 7800 කගේ බාහිර අවසන් විභාගයේ ප්‍රතිඵල පසුගිය සඳුදා (10) දින නිකුත් කර තිබේ.

 

 

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද එම බාහිර අවසන් විභාගයෙන් පුහුණු ගුරුවරුන් 355 ක් විෂයන් කිහිපයක් අසමත් වී ඇති බව වාර්තා වේ.

 

 

ඒ අනුව විද්‍යාපීඨ ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් විභාගය අසමත් වී ඇත්තේ මෙවර බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

 

 

මෙලෙස පුහුණු ගුරුවරුන් රැසක් විභාගය අසමත් වීමට, විද්‍යාපීඨ තුළ ක්‍රියාත්මක කළ මාර්ගගත (Online) දේශන වල පැවති අක්‍රමවත් බව ප්‍රධාන හේතුවක් වී ඇත.

views

301 Views

Comments

arrow-up