අගමැති මැදුර ඉදිරිපිට මෝටර් රථයක් අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

අගමැති මැදුර ඉදිරිපිට මෝටර් රථයක් අනතුරේ

අගමැති මැදුර ඉදිරිපිට මෝටර් රථයක් අනතුරේ

ගාලුමුවදොර සිට කොල්ලුපිටිය දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අද අලුයම අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පෙරළී අනතුරකට ලක් වී ඇති බව වාර්තා වේ.

 

ගාලුපාරේ අරලියගහ මන්දිරය ඉදිරිපිට පාර මැද පිහිටි දූපත කොටසේ වැදීමෙන් එය පෙරළී ගොස් තිබේ.

 

රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසා සිටී.

 

රිය පැද වූ පුද්ගලයාට අමතරව කාන්තාවක් ද රථයේ ගමන් කර ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැති බව වාර්තා වේ.
 

views

199 Views

Comments

arrow-up