හම්බන්තොට වරාය දියුණු කරන්න චීන සමාගමකට අදහසක්

චයිනා මර්චන්ට් සමූහය කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා දකුණු ආසියානු කලාපය තුළ තවදුරටත් ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා ප්‍රකාශ කරයි.
එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත වෙමින් එහි ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ අතර එහිදී මේ බව පවසා තිබේ. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගබඩා පර්යන්තය, තෙල් ජැටිය, වාහන ප්‍රතිනැව්ගත කිරීමේ පර්යන්තය සහ අලුතෙන් විවෘත කරන ලද තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නැරඹීමේ අවස්ථාවටද මෙහිදී එක්වුණි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය සහකරු ලෙස කටයුතු කරනු ලබන චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම රටවල් සහ කලාප 25 ක් පුරා වරාය 42 ක ජාලයක් සමග දකුණු ආසියාව, අප්‍රිකාව, මධ්‍යධරණී සහ දකුණු ඇමෙරිකානු කලාපය තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යන අතර වැඩිදුරටත් වාර්තා වන්නේ සයිනොපෙක් වැනි ජාත්‍යන්තර ව්‍යවසායකයින් සමග සිය සහයෝගීතාවය පුළුල් කිරිම, වාහන ප්‍රතිනැව් ගත කිරීම, ඉන්ධන සහ ගෑස්, බහාලුම් හැසිරවීම් වැනි සංවර්ධන කෙරෙහිද චයිනා මර්චන්ට් සමූහය සිය අවධානය යොමුකර ඇති බවය.
සැපයුම් දාම සේවා අඛණ්ඩව වැඩිදියුණු කරමින් ලෝක මට්ටමේ විස්තීර්ණ වරායක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය ගොඩනැගීම චයිනා මර්චන්ට් සමූහයේ අභිප්‍රාය වී ඇති බවත්, පසුගිය වසර කිහිපය තුළ, විශේෂයෙන්ම පසුගිය වසරේ ඉන්ධන සහ ඛනිජ තෙල් මෙහෙයුම් නතර වී තිබූ අවධියේ හම්බන්තොට වරාය ඒ සඳහා යොදාගනිමින් විශිෂ්ට සේවයක් ඉටුකළ බවත් හම්බන්තොට වරායේ සාමාන්‍ය කටයුතුවලට අමතරව දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරමින් ඉන්ධන සහ ඛනිජ තෙල් මෙහෙයුම් සිදුකරන්නට හැකිවූ බවත්, එලෙස සිදුකළ කැපකිරීමට ඔහු ඔහුගේ කෘතඥතාව පළකර සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
377 Views
Comments