බුද්ධ රශ්මි වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජාතික වෙසක් උත්සවය වන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැයි මස 03 වන දින විවෘත කරන ලදී.
එහිදී ජනාධිපතිවරයා වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් දල්වා ජනාධිපති ලේකම් කාර්යාලයේ පියගැට පෙළ අභියස පැවති ‘භක්ති ගී’ වැඩසටහනට ද එක් විය.
ඉන් අනතුරුව ඒ මහතා ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකය අභියසදී බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත මල් පහන් පූජා කර ආගමික වතාවත්වලට සහභාගි විය.
ජනාධිපතිවරයා සංචාරය කළ වෙසක් කලාපයේ බෞද්ධ උරුමයන් ප්‍රදර්ශනය කිරීම සඳහා දකුණු ආසියානු තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල වෙසක් කලාපයේ ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබූ අතර රනිල් වික්‍රමසිංහ මහතා එම නිර්මාණ නිරීක්‍ෂණය කර නිර්මාණකරුවන්ගෙන් ඒ පිළිබඳව තොරතුරුද විමසා සිටියේය.
අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව බුද්ධ රශ්මි වෙසක් වැඩසටහන නැරඹීමට පැමිණි දෙස් විදෙස් සැදැහැවතුන් සමගද සුහද කතාබහක නිරත විය.
290 Views
Comments