කළුතර කැලිඩෝ පාරේ ආයුර්වේද වෛද්‍යවරියක මැරූ ඝාතකයා ගැන තවම හෝඩුවාවක් නෑ

කළුතර උතුර කැලිඩෝ පාර ප්‍රදේශයේ 60 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරියක් අද අලුයම ගෙල කපා ඝාතනය කර තිබේ. නිවස පිටුපස කැපුම් තුවාල සහිතව වැටී සිටියදී ඇගේ දියණිය විසින් දැක රෝහල්ගත කර තිබේ. ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන මන්නා පිහිය ද නිවස ආසන්නයේ තිබී සොයාගෙන ඇති අතර මියගිය කාන්තාව මුළුතැන්ගෙයි මාළු කැපීම සඳහා යොදා ගන්නා පිහිය බවට අනාවරණය වී තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට අදාලව සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කර සිටී.
293 Views
Comments