චන්දිකට සහ පියත්ට ඇප

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඊයේ(10) අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ පියත් නිකේෂල යන අයව අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
අරගලයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේෂලට ඊයේ(10) සවස කොස්වත්ත ප්‍රදේශයේ දී පහරදීමේ සිද්ධියට අදාලව චන්දික අබේරත්න ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබු අතර, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත පියත් නිකේෂල යන අයවද පොලිසිය විසින් ඊයේ දිනයේදී ම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.
298 Views
Comments