නීති විරෝධී ලෙස සැකසූ රූපලාවන්‍ය ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි

ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකුගේ නම සඳහන් නොවන රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පිටකොටුව කදිරේෂන් විදියේ ගබඩාවක තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන අතර එම අධිකාරිය පැවසුවේ, දේශීයව නිෂ්පාදනය කළ එම රූපලාවන්‍ය ආලේපන විදේශීය නිෂ්පාදන ලෙස පවසමින් පාරිභෝගිකයින් නොමග යවමින් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.
රසායනාගාර වාර්තා සඳහා මෙම ආලේපනවල සාම්පල යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
245 Views
Comments